Monday, December 2, 2024

General line - 0115112241

නඩුවකට අදාළව සාක්ෂි දෙන්න ඇමති විජිත කොළඹ මහාධිකරණය එයි

උදය කුමාර




අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා. 

පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව ඉකුත් යහ පාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍ය විජිත හේරත් මහතාට අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි අධිකරණය මීට පෙර නියම කර තිබුණේ. 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස් එස් සපුවිද මහතා සාක්ෂි විභාගය පෙබරවාරි මස 05 වන දා දක්වා කල් තැබුවා. 

එදින අමාත්‍ය විජිත හේරත් මහතාට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් එහිදී නියෝග කෙරුණා.