Saturday, November 30, 2024

General line - 0115112241

ෆෙන්ගල් ඉන්දියාව දෙසට ගියත් ප්‍රදේශ රැසකට අදත් වැසි




නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළි කුණාටුව පස්වරුවේ උතුරු තමිල්නාඩු පුදුචේරි වෙරළට ඇතුළු වුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරියේදී අඩු වනු ඇති බවයි. 


පසුගිය දින කිහිපයේ ලංකාව තුළ පැවතියේ සුළි කුණාටුවක්ද? 


පෙර සිට සූදානම්ව සිටීම හේතුවෙන් සිදුවීමට තිබූ හානිය අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.


කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක බලපෑම් එල්ල වී තිබෙනවා. 

ඒ අනුව පීඩාවට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 75,000කට ආසන්න වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.    


ආපදාවට ලක්වූ ප්‍රදේශ නැරඹීමට යාමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරුණා.