Monday, December 2, 2024

General line - 0115112241

හාලිඇල, දීගල්ල ප්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට




හාලිඇල, දීගල්ල ප්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

පොලීසිය පැවසුවේ ඌව දිග්ගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. 

තම වගාව සතුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා අසල නිවසකින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඔහු එලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

මේ අතර මුලතිව් ආදර්ශ ගම්මානය, සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. 

එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 75ක පුද්ගලයෙක්. 

ඔහු සිය පුත්‍රයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක තනිව වාසය කර තිබෙනවා. සීතල හේතුවෙන් නිවස තුළ දල්වන ලද ගින්නක් පැතිර යාමෙන් ඔහු එලෙස පිළිස්සී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර, වාහල්කඩ ගල්කඩවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ගින්නකට හසුව පිළිස්සී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

වගා හේනක් තුළ හේන් පැළක දල්වා තිබූ ගින්නකට වැටී ඔහු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කහටගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.