Monday, December 2, 2024

General line - 0115112241

සහල් ගැටලුවට විසඳුම් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු පෙන්වා දෙයි




හොඳ කලමණාකරනයක් සහිත සමුපකාර වල නවීන සහල් මෝල් හා ගබඩා ඇති කිරිමට ඉඩ දීම තුලින් සහල් වෙලෙදපල තරඟකාරී කිරීමට මැදිහත් වීම සුදුසු බව හිටපු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා පවසනවා.

තවද ඔහු පවසා සිටියේ මෙවැන්නක් වසරක් තුල කිරීමට හැකි සමුපකාර ලංකාවේ පවතීන බවත්  වී අලෙවි මංඩලය මිලදී ගන්නා සහල් ආරක්ෂිත් තොගයක් ලෙස පවත්වා ගෙන යාම ආහාර දෙපාර්තමේන්තුවේ වගකීමක් ද වන බවයි.

හිටපු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා පවසා සිටියේ මෙවැන්නක්.

" එක්කෝ අවාසි සහගත කංඩායම් වල මිලදී ගැනීමේ හැකියාව වැඩිකිරීම එවැන්නකින් කල හැකිය.

තව දුරටත් හොඳ කලමණාකරනයක් සහිත සමුපකාර වල නවීන සහල් මෝල් හා ගබඩා ඇති කිරිමට ඉඩ දීම තුලින් සහල් වෙලෙදපල තරඟකාරී කිරීමට මැදිහත් වීම සුදුසුයි. 

මෙවැන්නක් වසරක් තුල කිරීමට හැකි සමුපකාර ලංකාවේ පවතී..

වී අලෙවි මංඩලයට වී ටික මේ පැත්තෙන් ගත්තා කොටලා අනිත් පැත්තෙන් වෙලෙඳ පොලට දැම්මා වගේ සැහැල්ලු ක්‍රීයාකාරිත්වයක් නෙවේ මේ ජනතාවගේ ප්‍රධාන ආහාරය සමග කරන ගනුදෙණුව. 

වී අලෙවි මංඩලය මිලදී ගන්නා සහල් ආරක්ෂිත් තොගයක් ලෙස පවත්වා ගෙන යාම ආහාර දෙපාර්තමේන්තුවේ වගකීමයි. 

සාක් ෆුඩ් බෑන්ක් එකට අනුව කලාපීය අවශ්‍යතාව වෙනුවන් සහල් මෙ.ටොන් 50000 ක සංචිතයක් පවත්වාගත යුතුය. 

අඩුම තරමින් මාසික සහල් අවශ්‍යතාව ආරක්ෂිත තොගයක් ලෙස පවත්වා ගත යුතුය. 

එය වී මෙ.ටොන් ලක්ෂ තුනක් විතර වුවද අඩුම තරමින් මෙ.ටොන් ලක්ෂ එකහමාරකවත් ආරක්ෂක තොගයක් පවත්වා ගෙන යා යුතුව ඇත. 

ඇතැම් භාන්ඩාගාර නිලධාරීන් බොහෝ දෙනා මේ ප්‍රශ්නය දිහා හැමදාම බැලුවේ වී අලෙවි මංඩලයේ ලාභ අලාබ ගිණුම දිහා බලා ගෙනය. 

මෙය රටේ සමස්ත ජනතාවගේම ජීවත්වීමට බලපාන ප්‍රධාන සාධකයකි..

එබැවින් කෙටිකාලීනට ලබන ජනවාරි 15 සිට අස්වැන්න ලැබීමට නියමිත මහ කන්නයේ වී මිලදී ගැනීමට දැන්ම සූදානම් විය යුතු අතර දීර්ඝ කාලීන මැදිහත් වීම් ලබන වසර තුල ආරම්භ කල යුතුය."


හිටපු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා