නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළි කුණාටුව මේ වන විට තමිල්නාඩු වෙරළ තීරයට ආසන්නව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ බලපෑම අවම වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.