නාවික හමුදාවේ පූනෑව කඳවුරට අනියුක්තව රාජකාරි කළ ලුතිනන් කමාන්ඩර්වරයෙකු වනඅලි ප්රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම නාවික හමුදා කඳවුර අසලදී ඔහු එලෙස වනඅලි ප්රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු පූනෑව නාවික හමුදා කඳවුරේ ප්රවාහන අංශය භාරව කටයුතු කළ නිලධාරියා වනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිට්ටඹුව ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙක්.
නාවික හමුදා කඳවුර අසලදී පාගමනින් ගමන් කරමින් සිටියදී වන අලි ප්රහාරයට ලක්වු එම නිලධාරියා වව්නියාව රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.