මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක්, කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින්. ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වන දෙහිවල, කලුබෝවිල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ ගමන් මල්ලක් එලෙස සොරාගෙන ගොස් තිබෙනවා.
පොලිස් නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකාරිය හඳුනාගෙන තිබෙනවා. හෙම්මාතගම, පෙතිගම්මන ප්‍රදේශයේ පදිංචි ගෘහ සේවිකාවක් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.