මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී මනතුංග මහතා පත් කර ඇති බවයි එම කොට්ඨාසය පැවසුවේ.
ඒ මහතා කන්තලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා තවදුරටත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.