ජර්මානු විදේශ අමාත්‍ය ඇනා බෙයර්බොක් චීන සංචාරයකට සූදානම් වන අතර ඊට පෙර ප්‍රකාශයක් සිදු කරමින් ඇය පැවසුවේ බීජිං සමඟ මතභේදයට තුඩු දෙන කරුණු හෙළි නොකරන බවයි.
ගැටීමට වඩා සහයෝගීතාවය වඩාත් සුදුසු බවයි ඇය පෙන්වා දුන්නේ.
"යුරෝපය සහ චීනය දේශගුණික මූල්‍යකරණය සඳහා නව ප්‍රවේශයක් සඳහා එක්ව ක්‍රියා කළ" අසර්බයිජානයේ පැවති COP29 දේශගුණ සමුළුව අතරතුර ඇය මෑත කාලීන උදාහරණයක් උපුටා දැක්වූවාය.
එහෙත්, චීනයේ දැවැන්ත සහනාධාර සහ එහි ව්‍යාපාර සඳහා සහය දැක්වීම පිළිබඳ දිගුකාලීන ආරවුල් ද මතු කළ බවයි ඇය පැවසුවේ.
එය මෑතදී චීන විදුළි වාහන සඳහා නව ආනයන තීරුබදු පැනවීමට යුරෝපා සංගමය පෙළඹවූ බව ද අමාත්‍යවරිය සඳහන් කළා.
"ජර්මානු සහ යුරෝපීය කර්මාන්තයට හානියක් වන පරිදි අන් අය ජාත්‍යන්තර නීති කඩ කිරීම අපට පිළිගත නොහැක," ඇය පැවසුවා.
රජයේ සහනාධාර අධික නිෂ්පාදනයට හේතුවක් බවයි ජර්මානු විදේශ අමාත්‍ය ඇනා බෙයර්බොක් චීනයට චෝදනා කළේ.
යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාවට චීනය දක්වන සහයෝගය පිළිබඳව ද චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරිය පැවසුවා.