Thursday, December 26, 2024

General line - 0115112241

මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳ තොරතුරු හෙළි වෙයි




මිනිස් ජාවාරම්වලට ගොදුරු වී මියන්මාරයේ සයිබර් කඳවුරුවල රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. 

කිසියම් පුද්ගලයෙකු විදේශ රැකියාවක් සඳහා යාමට අපේක්‍ෂා කරන්නේ නම් තමන් රැකියාව සඳහා යන ස්ථානය සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් කරන ලෙසයි අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.