Thursday, December 26, 2024

General line - 0115112241

මත්පැන් බලපත්‍ර චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංගගෙන් උත්තර




තමන්ට මත්පැන් අලෙවිසැල් බලපත්‍රයක් ලබාදුන්නා යැයි සමාජ මාධ්‍ය හරහා පැතිරණ යන පුවත අසත්‍ය පුවතක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. 

නෙත් නිවුස් සිදුකල විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන්ගේ නමට සමාන නමකින් යුත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයෙකුට එම මත්පැන් අලෙවිසැල් බලපත්‍රය ලබාදී ඇති බවයි. 

අදාල පුද්ගලයාගේ නමෙහි කොටසක් භාවිතා කරමින් තමන්ට එරහිව මෙවැනි අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

ඉදිරි සතිය තුළදී මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබාදීමට කටයුතු කළ ප්‍රධාන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ද හෙළි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.