පොළොන්නරුව සෝමාවතිය ප්රධාන මාර්ගයේ පලුගස් දමන තුනේ කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රී හතයි තිහට පමණ මෙම අනතුර සිදුව ඇති අතර වයස අවුරුදු විසි හතරක තරුණියක් පැද වූ යතුරු පැදියක මෙසේ පුද්ගලයා ගැටී ඇති බවයි පොළොන්නරුව පොලිසිය පවසන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු හැත්තෑ හැවිරිදි පළුගස් දමන ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
යතුරුපැදිය පැදවූ සැකකාර තරුණිය මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්රතිකාර ලබන අතර මියගිය පුද්ගලයාගේ මෘත දේහ පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.