Thursday, December 26, 2024

General line - 0115112241

ජනපති අන ක්‍රියාත්මක කල ඩඩ්ලිගේ ගෝලයෝ

කාංචන කුමාර ආරියදාස




ජනපති අණ ක්‍රියාත්මක කරමින් පොළොන්නරුවේ අරලිය සහල් දඹුල්ල වෙළඳපළට 08 දින උදෑසන සිට ලැබෙමින් පවතින බව වෙළෙන්දෝ පවසනවා.

ඒ  අනුව 07 දින පස්වරුවේ සිට දඹුල්ල නගරයේ වෙළඳසැල් රැසකට ජනාධිපතිවරයා විසින් තීරණය කළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට   පොළොන්නරුවේ අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි  සිරිසේන මහතාගේ නියෝජිතයන් දුරකතනයෙන් උපදෙස් ලබා දුන් බවයි වෙළඳසැල් හිමියෝපවසන්නේ 

දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකම පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු 08 දින උදෑසන දැකගැනීමට හැකි වූ බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ 

තවද පොළොන්නරුව අරලිය සහල් තොග ලොරිපිටින් උදෑසනම වෙළඳසැල්වලට ලැබෙන අයුරුද දැකගැනීමට හැකිවීම විශේෂත්වයක් වන අතර  එහි පාලන මිල පවා මුද්‍රණයකට තිබීම විශේෂත්වයක් වන බවයි ඔහු සඳහන් කර සිටියේ 

දඹුල්ල නගරයේම ඇතැම් වෙළඳ සැල්වලින් රුපියල් 225 කටත් 230ටත් සහල් අලවිවෙද්දී ඇතැම් වෙළඳසැල් හිමියන් විසින් කියා සිටියේ අනෙකුත් මෝල් හිමියන් තොග මිල අඩු කර නැති නිසා  නාඩු හාල්  කිලෝවක් රුපියල් 250කට අලෙවි කරන බවයි.

දඹුල්ල නගරයේ මෙදින පොල් ගෙඩියක්  රුපියල් එක 140  සිට 170 අතර මිල ගණන් යටතේ මහ මඟ සහ තැන තැන අලෙවි කරන අයුරුද දැකගැනීමට හැකි වූ බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ