ආගමික සුහදතාවය ඉදිරියට පවත්වා ගනිමින් උතුරු-නැගෙනහිර මතුව ඇති ගැටලු විසඳා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා රාමාන්ය මහා නිකායේ මහනායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමියන් පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ වර්තමාන රජයෙන් ඉල්ලා සිටියේ උතුරු-නැගෙනහිර ස්ථාපිත පෞරාණික වස්තු ආරක්ෂා වන ආකාරයෙන් උතුරු නැගෙනහිර ජනතාවට මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ක්‍රියා කරන ලෙසයි.
එම අවස්ථාවට එක්වූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද පැවසුවේ උතුරු-නැගෙනහිර ජනතාව මුහුණපා ඇති ගැටලු විසඳා ගැනීම සඳහා සියලු ලාංකිකයන් එක්ව කටයුතු කළ යුතු බවයි.