පාසල් සිසුන් සඳහා අලෙවි කිරීමට මත්කරල් 40 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැලිපැන්න බටේගොඩ, වලගෙදර ප්රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි පුද්ගලයෙක්.
වලගෙදර ප්රදේශයේ පාසල සිසුන් සඳහා අලෙවි කිරීමට එම මත්කරල් ළඟ තබාගෙන සිට ඇති බව සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාල සැකකරු වැලිපැන්න පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.