දිවයිනේ සෑම නාගරික ප්‍රදේශයකම වායු ගුණත්වය අද දිනයේදී සුළු වශයෙන් අහිතකර මට්ටමකට පත්ව තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්ව දර්ශකය 100 ත් 150 ක් අතර මට්ටමක පැවති බවයි.
මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ.
මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය මේ වන විට දුර්වල වෙමින් බවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ ධීවර හා නාවික කටයුතුවල යෙදෙන පිරිස් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.
https://soundcloud.com/new2023-voice/met-athula-01-1?si=b596004f17f740108a115fa2aace6f2b&utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බවද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.