Thursday, March 28, 2024

General line - 0115112241

නෙත් එෆ්.එම්. වස් පිංකම් මාලාවේ පළමුවැන්න ඇරඹෙයි (UPDATE)




නෙත් එෆ්.එම්. රේඩියෝවේ දායකත්වයෙන් ගම්පහ මිරිස්වත්ත ශී‍්‍ර සුදර්ශන ධර්ම නිකේතනයේ සිදු කෙරෙන වස් පිංකම් මාලාවේ පළමු වැන්න අද (27) පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ, පූජ්‍ය ගනේකන්ද චන්දරතන ස්වාමීන් වහන්සේ පැවැත්වූ ආශිර්වාද පූජාවකින්.

මේ අතර අද රාති‍්‍ර 7.00 ට පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ මෙහෙය වන සිත් නෙත් අසපුව ධර්ම දේශණාවද ගම්පහ මිරිස්වත්ත ශී‍්‍ර සුදර්ශන ධර්ම නිකේතනයේදී පැවැත්වෙනවා.

රාති‍්‍ර 08.00 සිට ධර්ම සාකච්ඡා වැඩසටහනද එහිදි පැවැත්වීමට නියමිතයි. මෙම වැඩසටහන් රාතී‍්‍ර 07.00 සිට සජීවිව විකාශය කිරීමට නෙත් එෆ්.එම්. රේඩියෝව කටයුතු යොදා තිබෙනවා.


නෙත් එෆ්.එම්. සිදුකරන වස් පිංකම් මාලාවේ පළමුවැන්න අද

(Aug 27, 2016 @ 10:55)

ගනේතැන්න චන්ද්‍රරතන හිමියන්ගේ වැඩම වීමත් සමග සවස 5.30ට මෙය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන්පසුව එම භූමියේ සිට සවස 7ට  වල්පොල ගෝතම ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිත් නෙත් අසපුව සජීවිව විකාශය කරනු ලබනවා.

ගම්පහ මිරිස්වත්ත ශ‍්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ කඨින පිංකම මෙවර සිදුකරන්නේ ද නෙත් එෆ්.එම්. රේඩියෝවයි. එහි වස් පිංකම් මාලාව ඊට සමගාමීව සංවිධාන කෙරෙනවා. ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් සිදුකරන එකම කඨින පිංකම ද මෙයයි.