පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද තෝරාපත් කර ගැනුණා.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණු අතර අශෝක රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් සභාවට දැනුම් දුන්නා.
ඒ අනුව පුරප්පාඩු වී ඇති කථානායක ධූරයට මන්ත්‍රීවරයෙකු තෝරාපත් කරගන්නා ලෙස නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙලෙසයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම කථානායක ධූරය සඳහා යෝජනා කළ අතර එය ස්ථිර කළේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්.
අභිනව කථානායකවරයාට සුභාසිංෂන එක්ක කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙලෙස අදහස් පළ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නව කථානායකවරයාට සුබ පැතුම් එක් කළා.
ඉන් අනතුරුව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තමන් එම තනතුරට පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.