Saturday, April 20, 2024

General line - 0115112241

උතුරේ ඉඩම් නිදහස් කිරීමට සූදානම්!




අත්‍යවශ්‍ය ඉඩම් පමණක් තවදුරටත් රඳවාගෙන ඉතිරි සියලූ ඉඩම් සාමාන්‍ය ජනතාව වෙත නිදහස් කරන බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඉඩම් හිමිකම් නොතිබූ යාපනයේ පවුල් 600ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත් ලබාදීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදීයි.

තවමත් අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවට යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධ වී ඉඩම් ලබාදෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඔවුන්ට රජයේ ආධාර යටතේ යුද හමුදාවේ ශ‍්‍රම දායකත්වයෙන් ස්ථිර නිවාස ඉදිකර දීමට ද කටයුතු කරන බවයි යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.