Thursday, December 26, 2024

General line - 0115112241

කලකට පසු බිත්තර මිල රුපියල් 25 මට්ටමකට




දීර්ඝ කාලයකට පසු බිත්තරයක මිල රුපියල් 25ක මට්ටමකට අඩු වී තිබෙනවා. 

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක මහතා සඳහන් කළේ මේ වන විට බිත්තර තොග මිල රුපියල් 20ත් 25ත් අතර මට්ටමක පවතින බවයි. 

එහෙත් මෙතරම් අඩු මුදලකට බිත්තර අලෙවි කිරීමේදී ගොවීන් පාඩු ලබමින් සිටින බවයි ඔහු කියා සිටියේ. 


බිත්තර නිෂ්පාදන මිල අඩු කිරීම මේ මොහොතේ කළ හැකි හොඳම විකල්පය බව ඔහු සඳහන් කළා. 

එසේ වුවහොත් බිත්තර මිල රුපියල් 20 මට්ටමට අඩු කළ හැකි බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක මහතා සඳහන් කළේ.


බිත්තර මිල දීර්ඝ කාලයක සිට රට තුළ දැඩි කතාබහක් ඇති කළ මාතෘකාවක්. 

පසුගිය සමයේ බිත්තර මිල රුපියල් 60ක සීමාව දක්වා වරෙක ඉහළ ගියා.