Tuesday, January 14, 2025

General line - 0115112241

නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශනය යළි ඇරඹේ




නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙරටට සහල් ගෙන්වූ ව්‍යාපාරිකයින්ට සිය සහල් තොග රැගෙන යාමට මේ වන විට අවස්ථාව දී ඇති බවයි.

රට තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්නා. 

ඒ, දෙසැම්බර් මස 4වන දින සිට ඉකුත් 20 වන දින දක්වා කාලය තුළයි. 

එම කාලයේදී සහල් මෙටි්‍රක් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණා.