Saturday, April 20, 2024

General line - 0115112241

‘නොදුටු සහතිකය’ ඥාතීන්ට සහනයක්




මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් සිවිල් පුරවැසියන් ගණනාවක්ම ඉකුත් පාලන සමයේදී සුදු වෑන්වලින් අතුරුදහන් කළ බවත් ඔවුන්ගේ මෘතදේහයන් අදටත් සොයාගත නොහැකි නිසා පවුලේ සාමාජිකයින්ට මරණ සහතිකයක් වෙනුවට ‘නොදුටු සහතිකය’ මගින් නැතිවී ගිය අයිතිවාසිකම් ලබා ගත හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවා.

අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව පැවසුවේ පසුගියදා රුපියල් ලක්ෂ 15,000 ක වියදමකින් යුතුව ඉදිකරන පොළොන්නරුව දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය සඳහා මංගල ශිලාස්ථම්භය ප්‍රතිශ්ඨාපනය කිරීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික පනත් කෙටුම්පත ඉකුත්දා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් ඒ පිළිබඳවත් විවිධ වැරදි අර්ථකථන දෙනවා අපි දකිනවා. මරණ ආඥාපනත 1951 දී ඉදිරිපත් කළේ. ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කළා 2010 දීයි. නොදුටු සහතික පනත අපි පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. දැන් අපේ නිලධාරීන්ට නොදුටු සහතික ලබාදීමේ අවස්ථාවත් හිමිවෙනවා. උතුරු නැගෙනහිර ඇතුළු ලංකාවේ ඕනෑම ස්ථානයක යම් කෙනෙකුට එම අයිතිවාසිකම හිමිවෙනවා. මරණ සහතිකයක් නැති නිසා මූලික අයිතිවාසිකම් අහිමි වූ ශ්‍රී ලංකික විශාල පිරිසක් සිටිනවා. මේ පනත හරහා ඔවුන්ගේ එම අයිතිවාසිකම් ඉටු කර ගැනීමට හැකි වෙනවා. නොදුටු සහතික නිකුත් කළ පසු අතුරුදන්වූවන්ගේ යැපෙන්නන්ට විවිධ අයිතිවාසිකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වෙනවා.  

යම් අ‍යකු අතුරුදන් වී ‍හෝ ආගිය අතක් නැත්නම් ‍හෝ ජීවත්ව සිටින බවට ‍‍පෙ‍නෙන්නට ‍නොමැති අවස්ථාවක ‍හෝ අතුරුදන්වූවන් නිශ්චිත වශ‍යෙන්ම මියගිය බවට සාක්ෂි මඟින් ඔප්පු වී ‍නොමැති නම් එම පුද්ගලයා සම්බන්ධ‍යෙන් මරණ සහතිකයක් ලියාපදිංචි කිරීමට නීති ප්‍රතිපාදන ‍මේ වනවිට නැහැ. ‍මෙවැනි අවස්ථාවක මරණ සහිතිකයක් ලබාගන්නට ඥාතීන් ද මැළිකමක් දක්වනවා. ඒ නිසා ඊට පිළියමක් වශ‍යෙන් එවැනි පුද්ගලයන් සම්බන්ධ‍යෙන් දක්නට ‍නොමැති බවට සහතිකයක් නිකුත් කිරී‍මේ නීති ප්‍රතිපාදන සැළසීම ‍යෝග්‍ය ‍වෙනවා.” යැයිද පැවසුවා.

මේ අවස්ථාව සඳහා වයඹ සංවර්ධනය, අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්  ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වුණා.

BT4A9150 BT4A9157 BT4A9230 BT4A9252 BT4A9292unnamed