Thursday, March 28, 2024

General line - 0115112241

ඛනිජ තෙල් ඇමති කළකිරෙයි




තමන්ගෙන් විමසීමක් නොකර ඛනිජ තෙල් නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ මෙම තීරණය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුහුණදිය හැකි තත්ත්වයන් පිළිබද සොයා බැලීමකින් තොරව අදාළ තීරණය ගෙන ඇති බවයි.

ඩීසල් ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 13 කින් වැඩි කරන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ ඊයේ (26) දිනයේදියි.

මේ අතර තේ මණ්ඩලයේ අරමුදලක් මහාභාණ්ඩාගාරයට පවරා ගැනීමට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන්ද ඉකුත්දා විෂය භාර අමාත්‍ය නවින් දිසානායක විරෝධය පළ කළා.