ලබන වසරේ පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අද නිවේදනයක් නිකුත් කළා.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දිනයේ බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.