නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍ර‘ගු මහතා සහ නව නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද පෙරවරුවේ සිය ධූරයන්හි වැඩ භාරගනු ලැබුවා.
නව යුද හමුදාපතිවරයා වැඩ භාරගනු ලැබුවේ අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදීයි.
ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍ර‘ගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස ජනධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.
කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේදී ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍ර‘ගු මහතා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව ඇත්තේ 1989 වර්ෂයේදීයි.
මේ අතර නව නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද පෙරවරුවේ සිය රාජකාරි ආරම්භ කළේ කොළඹ නාවික හමුදා මූලස්ථානයේදීයි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී නාවික හමුදාවට එක්ව තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී පත් කරනු ලැබුවා.