Saturday, January 4, 2025

General line - 0115112241

31 රෑ නීති කැඩූ රියදුරන් 7,300ක් පොලිස් දැලේ




නව වසර උදා වූ ගතවූ පැය 24 තුළ විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7,264 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසනවා. 

එහිදී බීමත් රියදුරන් 529 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එය ඉකුත් දෙසැම්බර් 13වනදා සිට ක්‍රියාත්මක වූ විශේෂ රථවාහන මෙහෙයුම තුළ පැය 24කදී අත්අඩංගුවට ගත් වැඩිම රියදුරන් සංඛ්‍යාවයි.

අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය කළ රියදුරන් 57 දෙනෙකුද එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් පොලීසියට හසු වූ සංඛ්‍යාව 54ක්. 

මාර්ග නීති උල්ලංඝණය කළ 1,057කට බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 614කටත් වෙනත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 4,953කටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලිසිය සඳහන් කළේ.