කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර මහතා ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහු අද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි. ප්‍රකාශය ලබා දීමට යාමට පෙර ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ කාදිනල් හිමිපාණන්ට අපහාස කිරීමක් සම්බන්ධයෙන් සිදු කර ඇති පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි.