Tuesday, September 17, 2024

General line - 0115112241

පක්ෂ සම්මේලනය ගැන මහින්දගේ තීන්දුව එළියට




කුරුණෑගලදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සම්මේලනයට තමන් සහභාගි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තහවුරු කළා.

ඒ, මීගමුව අගුරුකාරමුල්ල ප‍්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ විදේශ සංචාරයක් යෙදී තිබීම හේතුවෙන් එම සහභාගීවීම සිදු නොවනු ඇති බවයි. විදේශ සංචාරය තමාට ලැබුණු ආරාධනාවක් බවත් එළඹෙන 01 වැනිදා සිට 04 වැනිදා දක්වා එම සංචාරයේ නිරතවීමට නියමිත බවත් පැවසුවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම, සංවිධායකවරයෙකුම ජනතාවගෙන් විමසා පක්ෂ සම්මේලනයට සහභාගීවීම තීරණය කරණු ඇති බවත් සඳහන් කළා. පක්ෂ හැදීම කාටවත් නවතාලිය නොහැකි බවත් පක්ෂ හැදෙන්නේ මිනිසුන් එලෙවුවොත් බවත් පෙන්වා දුන්නා.