Thursday, January 30, 2025

General line - 0115112241

අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වැඩි කිරීම රටට හොඳයිද?




මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල එළඹෙන අයවැයෙන් වෙන් කිරීම රටට වඩාත් ඵලදායී වනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ මීට පෙර වසරවල අයවැයෙන් වෙන් කළ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි භාවිතයට නොගත් බවයි. 

ප්‍රාග්ධන වියදම් යනු කුමක්ද? 

ප්‍රාග්ධන වියදම් ඉහළ දැමීමෙන් රටට ලැබෙන වාසි මොනවාද? 


මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ටි්‍රලියන 1යි දශම 35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ. 

වෙන් කරන මෙම මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයද සකස් කරන බව ඔහු කියා සිටියා.