Thursday, January 30, 2025

General line - 0115112241

ආගමන හා විගමන පාලකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දින නියමයක් නොමැතිව කල් යයි

උදය කුමාර




අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලු‍ක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

කෙසේවෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ විභාගය ලබන මැයි මස 08 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල විසින් දින නියම කළා.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්, අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හර්ෂ ඉලු‍ක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.