පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා අද පස්වරුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා, රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා වත්මන් පාර්ලිමේන්තුව ආරම්භ වූ දවසේ සිට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා.