Thursday, January 30, 2025

General line - 0115112241

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ට අදාළ නඩුවක් කල් යයි

උදය කුමාර




අල්ලස් කොමිසම විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් මැයි මස 28 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. 

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරය අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බවයි. 

ඒ අනුව එම නඩුව කැඳවීම සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසත්  ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළිත් මැයි මස 28 වනදා කැඳවීමටයි නියෝග කළේ.