Thursday, January 30, 2025

General line - 0115112241

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කෙරේ




ආරක්ෂක මාණ්ඩලික තනතුර තවදුරටත් පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. 

ඒ, අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

යෝෂිත රාජපක්ෂ මහතාට ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටයි. 

ඊට එක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසුවේ ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බවයි.

මේ අතර නාවික හමුදා භාරයට ගැනුණු අදාළ ඉන්දීය ධීවරයින් 13 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.