Friday, February 21, 2025

General line - 0115112241

වාහන අමතර කොටස් මුවාවෙන් විදෙස් මත්පැන් ගෙන්වන ජාවාරමක් පොලිසිය කොටුකර ගනී



නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික මධ්‍යස්ථානය තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකල වැටලීමකදීයි.

එහිදී සොයාගත් අදාළ මත්පැන් තොගය මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම් මහලේ තිබූ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සූක්ෂම ලෙස සගවා තිබියදී සොයාගෙන තිබෙනවා. 

සිද්ධියට අදාළව එම ව්‍යාපාරික මධ්‍යස්ථානයේ කළමනාකරු ලෙස සේවය කරමින් සිටි 59 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

කොල්ලුපිටිය සහ කොට්ටාව ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු විසින් එම විදේශීය මත්පැන් තොගය සිය සමාජ ශාලාවලට නිකුත් කිරීම සඳහා තමන්ට අයත් එම ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සගවා තිබෙනවා. 

ඉන් අනතුරුව අදාළ මත්පැන් තොග වශයෙන් එම සමාජ ශාලා වෙත රැගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.