Friday, February 21, 2025

General line - 0115112241

2024 වසරේ පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට ජාතික කඳවුරේ දක්ෂතා දැක්වූවන්ට ඇගයීම්



2024 වසරේ පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට ජාතික කඳවුරේ දක්ෂතා දැක්වූ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩවල බාලක බාලිකාවන් සහ ජයග්‍රාහී කණ්ඩ පුහුණු කළ උපදේශක, උපදේශකවරියන් ඇගයීමේ උත්සවයක් අද පැවැත්වුණා.

ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම උත්සවය පැවැත්වුණේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේදීයි.

එහිදී 2024 වර්ෂයේ පැවති පොලිස්පති කුසලාන ශිෂ්‍යභට ජාතික කඳවුරේදී විවිධ අංශයන්ගෙන් දස්කම් දක්වමින් ජයග්‍රහණය කළ පාසල් කණ්ඩායම් අතරින් ජයග්‍රාහී පාසල් කණ්ඩායම් 07ක දක්ෂතා අගයමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 316 දෙනෙකුට සහතිකපත් පිරිණැමුණා.

එම පාසල්වල විදුහල්පතිවරුන් සහ කණ්ඩායම් භාර ගුරුවරුන් 20 දෙනෙකුටද සමරු තිළිණ පිරිනමා තිබෙනවා.

ජයග්‍රාහී කණ්ඩවල උපදේශකවරුන් ලෙස කටයුතු කළ උපදේශක උපදේශිකාවන් 100 දෙනෙකු සඳහාද සමරු තිළිණ ප්‍රදානය කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

 

Media on 2025.02.18 පැය 1435 පොලිස්පති කුසලාන ශිෂ්‍ය භට ජාතික කඳවුරේ by nethsound on Scribd