දීර්ඝ කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින රුසියානු යුක්‍රේන යුද්ධය නිමා කිරීමේ තීරණාත්මක අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඒ, යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් රුසියාව සහ අමෙරිකාව අතර සාකච්ඡා අද ආරම්භ වීමත් සමගයි.
මෙම සාකච්ඡා ආරම්භ වුණේ සෞදි අරාබියේදීයි.
රුසියාවේ පාර්ශවයෙන් විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව්ද අමෙරිකා එක්සත් ජනපදයේ පාර්ශවයෙන් රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ද සහභාගී වී තිබුණා.
කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා යුක්‍රේනයේ පාර්ශවයට හෝ යුරෝපීය නායකයින්ට ආරාධනා කර නොමැති වීමද විශේෂත්වයක්.
විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ රුසියාව සහ අමෙරිකාව අතර මෙම සාකච්ඡා පැය 04කට අධික කාලයක් සිදුව ඇති බවයි.
යුක්‍රේන නායකයින් සමග අවශ්‍ය නම් සාකච්ඡා කිරීමට වුවද රුසියාව සූදානම් බවටයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ.