Friday, February 21, 2025

General line - 0115112241

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන වාද විවාද



රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

වෘත්තීය සමිති පවසන්නේ අයවැයෙන් ලබා දුන් වැටප් වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

ගුරු වෘත්තීය සටන්වල පෙරමුණේ සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

කෙසේවෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ රාජ්‍ය සේවයේ සෑම අංශයකටම පිළිගත හැකි වැටුප් වැඩි වීමක් ලබා දී ඇති බවයි.

මේ අතර, අයවැයෙන් යෝජනා කළ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් ගිණුම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

මේ, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය අදත් පැවැත්වීමට නියමිතයි.