Friday, February 21, 2025

General line - 0115112241

අදත් පළාත් 05කට සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක්



අද දිනයේද පළාත් 05කට සිරුරට දැනෙන මට්ටමේ උණුසුම් කාලගුණික තත්ත්වයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, වයඹ, නැගෙනහිර, උතුරුමැද සහ දකුණු පළාත්වලට මෙම කාලගුණ තත්ත්වය අපේක්‍ෂා කෙරෙනවා.

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ජනතාව විමසිලිමත් දිය යුතු බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කළේ.

එක්වරම මෙතරම් උෂ්ණාධික ලෙස කාලගුණ තත්ත්වය වෙනස්වීමට බලපෑ හේතු මොනවාදැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

මේ, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

උදෑසනට අධික සීතල, දහවලට අධික රස්නය - ශ්‍රී ලංකාවට බලපා ඇති මෙම උණුසුම් කාලගුණය අසාමාන්‍ය තත්ත්වයක්ද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත් වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සිටීමටත් කටයුතු කල යුතු බවටයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙන්නේ.

එමෙන්ම වැඩිහිටි මෙන්ම රෝගී පුද්ගලයින් සහ කුඩා ළමුන් පිලිබඳ මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.

මීට අමතරව අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හැකි පරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු‍ ඇඳුම් භාවිතා කරන ලෙසටත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.