Friday, September 20, 2024

General line - 0115112241

වෙඩි තැබීමක් ගැන පොලීසිය අධිකරණයට කරුණු දක්වයි




මාළඹේ, ඉසුරුපුර ප‍්‍රදේශයේ නිවසකදී යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීමට නියමිතයි.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයා ඇතුළු ඔහුට සමීප පුද්ගලයන් පස් දෙනෙකුගෙන් දැනටමත් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

එමෙන්ම ඔවුන්ගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන්ද මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කර්නල්වරයාගේ බිරිඳ ඊයේ (28) සිය දරුවන් සමග නිවසේ රැදි සිටියදී මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක් වුණා. ඉන් තුවාල ලැබූ ඇය ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

මේ අතර මෙම යුද හමුදා කර්නල්වරයාට සිය බිරිඳ වාසය කරන නිවසට පැමිණීම වළක්වාලමින් මීට ඉහතදී අධිකරණ නියෝගයක්ද ලබාදී තිබෙනවා.