Friday, September 20, 2024

General line - 0115112241

වරායේ ගින්න නිවේ – හේතුව හෙළි නොවේ




කොළඹ වරායේ අද (29) ඇති වූ ගින්න සම්බන්ධයෙන් වරාය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යන වැඩබිමක මෙම ගින්න ඇති වූ බවයි වරාය අධිකාරිය පැවසුවේ.

කිසිවෙකුට ජීවිත හානි හෝ තුවාල සිදුවී නැති බවයි වාර්තා වෙන්නේ. ගිනිගෙන ඇත්තේ රබර් බට තොගයක් බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.

මේ වන විට ගිනි නිවන භටයින් සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.


කොළඹ වරායේ ගින්නක් (VIDEO)

Aug 29, 2016 @ 14:22

කොළඹ වරාය පරිශ‍්‍රයේ ගින්නක් ඇති වී තිබෙනවා. ජය බහාලූම් පර්යන්තයේ මෙම ගින්න ඇති වී තිබෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අවට ප‍්‍රදේශවලට දැඩි දුමාරයක් ද නිරීක්ෂණය වෙමින් තිබෙනවා.

ගින්න ඇති වී තිබෙන්නේ පැරණි රබර් බට තොගයක බවයි විශ්වාස කෙරෙන්නේ.

00001fire

00001fire 00002fire 00003fire 00004fire