Friday, September 20, 2024

General line - 0115112241

ගින්න හටගත් තැන පුද්ගලික ආයතනයක වැඩබිමක්




කොළඹ වරායේ ඇති වී තිබෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ කිහිපයක්ම මේ වන විට එහි පැමිණ තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වැඩබිමක තිබූ රබර් බට තොගයක ගින්න ඇති වී තිබෙන බවයි. මෙම වැඩබිම වරායේ සංවර්ධන කටයුත්තක් සිදුකරන පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන යන බව වරායේ ප‍්‍රකාශකයෙකු කියා සිටියා.

අවට ප‍්‍රදේශයේ දැඩි දුමාරයක් පවතිනවා. ගින්නට හේතුව තවමත් අනාවරණ වී නැහැ.