Friday, September 20, 2024

General line - 0115112241

හිරිහැරයට පත් 35 ක් එයි




කුවේට්හි රැකියා සදහා ගොස් හිරිහැරයට පත් 35 දෙනෙකු යළි දිවයිනට ගෙන්වාගෙන තිබෙනවා.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන්. මොවුන් දීර්ඝ කාලයක් කුවේට්හි ශී‍්‍ර ලංකා තනාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රඳවා සිටියා.

මේ වසරේ මේ දක්වා කුවේට් සුරක්‍ෂා නිවාසයේ රඳවා සිටි 1,183 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන තිබෙනවා. සෞදි අරාබියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සිටි කාන්තාවන් 09 දෙනෙකු ද දිවයිනට ගෙන්වාගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා.