Friday, March 29, 2024

General line - 0115112241

පහරකෑමට ලක්වූ මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපති රෝහල්ගත කෙරේ (UPDATE)




එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායමකින් එල්ලවූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් රෝහල්ගත කර තිබෙනවා.

මේ වන විට මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොළ පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂයේ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සමග ගුවන් තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදී ඔහු මෙම පහරකෑමට ලක්වුණා.

අදාළ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මෙලෙස පැහැදිලි කළා.

……………………………………………..

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්ට LTTE ඩයස්පෝරා ප්‍රහාරයක්

Sep 4, 2016 @ 14:20

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් හට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායමකින් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මැලේසියාව බලා ගිය ඒ්කාබද්ධ විපක්ෂයේ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සමග ගුවන් තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදී මහකොමසාරිස්වරයා මෙම පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද එරෙහිව ඉකුත් දින කිහිපයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායම් විරෝධතා ව්‍යාපාර පැවැත්වූවා.

හිටපු ජනාධිපතිවරයා පැමිණීමට තිබූ පැමිණීමට නියමිතව තිබූ විහාරස්ථානයකට ද එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා කණ්ඩායමක් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.