ග්ලේන් මැක්ස්වෙල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ශී‍්‍ර ලංකාව සමග ඊයේ (06) පැවති පළමු විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ලකුණු 85 කින් ජයගැනීමට ඕස්ටේ්රලියාව සමත් වුණා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්රලියානු කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 3 ක් දැවී ලකුණු 263 ක් රැස් කළා. එය විස්සයි විස්ස තරගයකදි කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වුණා. ඒ අනුව ඊයේ දිනයේ බිද වැටුණේ 2007 වසරේදී කෙන්යාවට එරෙහිව කඩුලූ 5 කට ලකුණු 260 ක් රැස් කර ශී‍්‍ර ලංකාව පිහිටුවා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්.
ඕස්ටේ්රලියානු ඉනිම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් පන්දු 65 කදි ලකුණු 145 ක් රැස් කළා. ඒ, හතරේ පහර 14 සහ හයේ පහර 9 ක් ද සමගයි. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ කඩුලූ 9 ක් දැවී ලබැගැනීමට හැකිවුයේ ලකුණු 178 ක් පමණයි. දිනේෂ් චන්දිමාල් පන්දු 43 කදි ලකුණු 58 ක් රැස් කළා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී චාමර කපුගෙදර තරගය පිළිබද මෙලෙස අදහස් පළ කළා.