Friday, March 29, 2024

General line - 0115112241

නීතියට වෙට්ටු දමා මත්පැන් විකිණු තැන් 05ක් මට්ටු




නීතිවිරෝධී ලෙස මත්පැන් විකිණූ රාතී‍්‍ර සමාජ ශාලා 03 ක් සහ කී‍්‍රඩා සමාජ දෙකක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් වටලනු ලැබ තිබෙනවා. කටුබැද්ද ප‍්‍රදේශයේ කී‍්‍රඩා සමාජ දෙකක් වටලනු ලැබුවේ බලපත‍්‍ර නොමැතිව මත්පැන් විකිණීමේ චෝදනාව මතයි.

රාතී‍්‍ර 12 න් පසුව බලපත‍්‍රයක් නොමැතිව මත්පැන් විකිණූ කොල්ලූපිටියේ සමාජශාලා තුනක්ද වැටලූ බව එම නිලධාරීන් පැවසුවා. කටුබැද්ද ප‍්‍රදේශයේ කී‍්‍රඩා සමාජ දෙකට එරෙහිව නඩු පවරන බවත් රාතී‍්‍ර සමාජශාලා තුනට එරෙහිව දඩ පනවන බවත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ප‍්‍රකාශයෙක් වැඩිදුරටත් කියාසිටියා.