Friday, April 26, 2024

General line - 0115112241

හොර සහතික, නිල මුද්‍රා සමග ගාල්ලේ හොර කච්චේරියක් අල්ලයි




ගාල්ල පොලිසියේ දිසා දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව  ගාල්ල පියදිගම ප්‍රදේශයේ සුවිසල් දෙමහල් නිවසක පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා සැකකරුවන් දෙදෙනකු ඊයේ (08) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 මෙම ව්‍යාජ කච්චේරිය තුළ තිබී ජාතික හැඳුනුම්පත්, ඉඩම් බලපත්‍ර , රියදුරු බලපත්‍ර පාසල් සහතික , ග්‍රාම සේවා සහතික , ප්‍රාදේශීය ලේකම් සහතික ආදිය සෑදීමට යොදාගන්නා නිල මුද්‍රා 150කට අධික  ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ව්‍යාජ ලෙස සකසන ලද උප්පැන්න සහතික, ඉඩම් ඔප්පු , සහ පාසල් සහතික  තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

galle-www-nethnews-lk00001 galle-www-nethnews-lk00002 galle-www-nethnews-lk00003 galle-www-nethnews-lk00004 galle-www-nethnews-lk00005