Friday, March 29, 2024

General line - 0115112241

අගමැති කිව්ව දේ කරන්න රටට නිදානයක් අවශ්‍යයි – බන්දුල




රටක ණය බරතාවය ක්‍ෂණිකව අඩු කිරීමේ කිසිඳු හැකියාවක් නැතැයි එ්කාබද්ධ විපක්ෂය පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පෙන්වා දෙන්නේ කිසියම් පුද්ගලයෙකු එවැන්නක් සිදුකරන බවට ප‍්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය අමතමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ ණය බරතාවය 2020 වන විට අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන සඳහන් කළේ 2020 දී ණය බරින් රට මුදවා ගැනීමට අගමැතිවරයාට හැකියාවක් ඇත්නම් ඒ සඳහා රට ඇතුලෙන් විශාල නිදානයක් එකවර පහළ විය යුතු බවයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රටේ ණය බරතාවය අඩු වූ ආකාරය පිළිබඳවද මන්තී‍්‍රවරයා මෙහිදී කරුණු දැක්වූවා.

2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගන්නා විට ණය බර දළ දේශීය නිෂ්පාදනයෙන් 103% බවත් 2014 දි රට භාර දෙන විට එය 70% දක්වා අඩු කර තිබූ බවත් පැවසුවා.