Wednesday, April 24, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගන්න උපදෙස් පතයි




නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය නීතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා.

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය ඉදිකිරීමේ දී සිදු වූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එම කාර්යාලයේ ඉදිකිරීම් සිදු කළ සමාගමේ නමට නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න චෙක්පත් වෙනත් පාර්ශ්වයක් වෙත යොමු කර මුදල් ලබාගත් බවටයි අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ ඉදිකිරීම් සිදු කරන කාල සීමාව තුළ පුත්තලම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කර තිබෙනවා. දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.