Tuesday, April 16, 2024

General line - 0115112241

රාජගිරියෙන් සහ වැලිකඩින් හෙරොයින් සමග දෙන්නෙක් අල්ලයි




හෙරොයින් ග‍්‍රෑම් 10ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එ් වැලිකඩ පොලීසියේ නිලධාරීන් කළ වැටලීමකදීයි. 47 හැවිරිදි මෙම සැකකරු රාජගිරිය ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු අලුත්කඩේ අංක 04 මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (11) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 60 ක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු වැලිකඩ බුත්ගමුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ 48 හැවිරිදි මෙම සැකකරු රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. සැකකරුගෙන් මේ වනවිට ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා. ඔහු හෙට (12) අලුත්කඩේ අංක හතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.