Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු සන්ධාන මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට




තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කොළොන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ අදාළ තරුණයා යතුරු පැදියෙන් සිය නිවස බලා යමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස මෙම පහරදීම සිදු කර ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා කොළොන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.